විදේශ සේවයට එක් වන්න 40 කට වරම්.

Ali Sabry
By Wayomi Nov 18, 2022 12:32 PM GMT
Report

ලබන වසරේ ජුලි මාසය වන විට විදේශ සේවයට 40 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

ඒ, 2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහායි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිළිබද විමසා සිටි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW