නිල්වලා ගගට බිලිවූ එක් තරුණයකුගේ පෙම්වතියත් සියදිවි නසාගනී

Matara Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Aug 27, 2022 11:04 AM GMT
Report

මාතර, අකුරැස්ස පිටබැද්දර ප්‍රදේශයේදී නිල්වලා ගගේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව් දෙනාගෙන් එක් අයෙකුගේ පෙම්වතිය ද කිරමආරේ ගිලී මිය යෑමේ පුවතක් වාර්තා වනවා.

ඊයේ (26) රාත්‍රියේ සිට අදාල තරුණිය අතුරුදන්ව ඇති බවට කඹුරුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය සදහන් කළේ. සිය පෙම්වතා දියේ ගිලී අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇති වූ සිත්තැවුලක් මත ඇය සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඒ පිළිබදව නිෂ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි පොලිසිය කියා සිටියේ.

මේ අතර මාතර - පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. වාර්තාකරු සඳහන් කළේ අතුරුදන්වූ තරුණයන් සෙවීමේ කටයුතු නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක මැදිහත්වීමෙන් අද (27) ආරම්භ වූ බවයි.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW