ලක්ෂ 40ක් සහ කැබ් රථයක් කොල්ලකයි..සොරාගත් සිසුවාගේ යතුරුපැදියත් හමුවූ හැටි මෙන්න.(CCTV VIDEO)
අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි තුන්දෙනෙකු රුපියල් ලක්ෂ 40ක මුදලක් සහ කැබ් රථයක් කොල්ලකා පලාගොස් තිබේ.
කෙසේ වෙතත් එම කැබ් රථය අතහැර දමාගොස් තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි. මේ අතර සරසවි සිසුවෙකුට අයත් යතුරුපැදියක් පසුගිය දෙසැම්බර් මස 2 වනදා නුගේගොඩ, විජේරාම හන්දියේ දී සොරකම් කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
අදාළ සිසුවා යතුරුපැදිය වෙළෙඳසැලක් ඉදිරිපිට යතුර සහිතව නවතා ගොස් තිබුණි.
පසුව එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් යතුරුපැදිය පණ ගන්වා මදක් ඉදිරියට ගොස් තවත් පුද්ගලයෙකු එහි නංවාගෙන පළා ගොස් තිබුණි.
නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම CCTV දර්ශන අනුව වැඩිදුර පරීක්ෂණ පවත්වා තිබේ.
ඒ අනුව පන්නිපිටියේ වීර මාවත ප්‍රදේශයේ දී හා පනාගොඩ, රොමියල් මාවත ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් දෙදෙනා යතුරුපැදියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අප වාර්තාකරු පැවසුවේ, එම සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බව පොලීසිය පැවසු බවය.
සොරකම සිදුකර දින 7ක් ගතවීමෙන් පසුව සොරකම් කළ යතුරුපැදියෙන් ගොස් සැකකරුවන් මහරගම ප්‍රදේශයේ දේපළ සොරාගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය.
අදාළ සැකකරුවන් අද (30) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |