කැබිනට් ඇමතිවරු හතරක් අස්වෙයි..!

Japan Japan
By Sewvandhi Dec 14, 2023 02:39 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ජපන් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් හදිසියේම ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි.

අරමුදල් රැස්කිරීමෙදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් සඳහන් වීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි, එරට මාධ්‍ය සඳහන් කළේ.

කැබිනට් ඇමතිවරු හතරක් අස්වෙයි..! | 4 Cabinet Ministers Resigned Japan

ඔවුන් ජපාන පාලක පක්ෂයේ ප්‍රබලතම කඳවුරේ සාමාජිකයින් බව පැවසෙයි. 2022 තෙක් 5 වසරක් පුරා යෙන් මිලියන 500ක පමණ මුදලක් වෙනත් ගිණුම් වල තැන්පත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් එරට අගමැති ෆුමියෝ කිෂිඩා ගේ රජයේ ජනප්‍රියතාවය තවත් පහළ යමින් තිබෙන බව වාර්තා වෙයි.