දිවයින පුරා සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 375ක් අත්අඩංගුවට
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයය කියා සිටියේ පොලිසිය සහ හමුදාව එක්ව දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 375 දෙනකු අත්අඩංගුවට පත්ව ඇති බවයි.
මෙහිදී මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ 11 සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඊයේ දිනය පුරා ශ‍්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6106 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. ඒ අනුව පුද්ගලයන් 24175 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 9578ක්ද යතුරු පැදි 7630ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
 
                 
                 
                                             
        
     
     
     
     
    