මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 35 දෙනෙකුට සිදු වූ දේ

Hatton drugs Anuradhapura Sri Pada Ranjith Jayasena
By Sewvandhi Feb 27, 2022 11:53 AM GMT
Report

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයක් 35 දෙනෙකු සැකපිට අත්අඩංගුවට තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ ගංජා , මත්පෙති , නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටිද තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් ගාල්ල , මාතර , කොළඹ ,කුරුණැගල, අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි අවු 20-35 වයස් කාණ්ඩ වල පසුවන අය වනවා. ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් ඇප මත මුදා හැර ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා ප්‍රකාශ කළා

. ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වි මාස තුනක් වැනි කාලයක් තුල විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 200 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල් අයකරගෙන ඇති බවද එම වැටලීම් සිදු කල නිලධාරින් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now