තාත්තා පිටුපස ගොසින් අවසන් ගමන් ගිය තුන් හැවිරිදි දරුවා..හද කම්පා කරන පුවතක්..
accident
Kahatagasdigiliya
kaipitiyava
Ihalagama
By Sewvandhi
තණ කැවීම සඳහා ගවයන් දක්කාගෙන ගිය පියා පිටුපස ගිය වයස අවුරුදු තුනක දරුවකු වතුර වළකට වැටී මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි.
කහටගස්දිගිලිය පොලිස් වසමට අයත් කයිපිටියාව,ඉහලගම ප්‍රදේශයේ දී සිදුව ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් අස්කාර් කවිදි නැමැති තෙහැවිරිදි දරුවෙකි.
මියගිය දරුවාගේ පියා සුපුරුදු පරිදි නිවසේ ඇති කරන ගව රංචුව නිවස පිටුපස කැලෑවට තණ කැවීම දක්කාගෙන ගොස් ඇති අතර දරුවාට පියා පසුපසින් ගොස් ඇත.
දරුවා තමා පිටුපසින් පැමිණෙන බව පියා දැක නොමැති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත. එසේ ගිය දරුවා වතුර පිරි තිබූ වළකට වැටී මියගොස් ඇත. පසුව දරුවා පෙනෙන්නට නොසිටි නිසා කළ සොයා බැලීමේදී වතුර වලේ වැටි මියගොස් සිටි දරුවාගේ සිරුර සොයාගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |