සිසුවියන් තිදෙනෙකුට පාසල් විද්‍යාගාරයක් තුළදී සිදුවූ අහස පොළව නුහුළන අපරාධය..ගුරුවරයා ගැනත් තීරණයක්..

Nuwara Eliya Sexual harassment Child Abuse Crime Sri Lankan Schools
By Sewvandhi Dec 22, 2023 08:04 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ විද්‍යා ගුරුවරයෙක් ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රිකයේ පාසලක් තුළ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු මෙම සිද්ධියට මුහුණදී ඇති අතර සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යොමු කර ඇත.

ඉකුත් 20 වනදා පාසලේ විද්‍යාගාරය තුළදී එම සිසුවියන් තිදෙනාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට එම පාසලේ 29 හැවිරිදි විද්‍යා ගුරුවරයාව අත්අඩංගුවට ගත්තේය.

සැකකරුව ඊයේ (21) වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එලෙස රක්ෂිත බන්ධනාගරගත කර ඇත්තේ මහනුවර කිතුල්පේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි විවාහක ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ද ගුරුවරියක ලෙස සේවය කරන බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.