මෙතෙක් සොයාගත් විශාලම ගංජා තොගය සමග තිදෙනෙක් අත්අඩංගුවට

Nihal Talduwa Sri Lanka Police Investigation
By Sewvandhi Jun 19, 2023 01:54 PM GMT
Report

පොලීසිය සදහන් කළේ, ගංජා කිලෝග්‍රෑම් 1,227ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පොලිස් භාරයට ගත් විශාලතම ගංජා තොගය ලෙස සැලකෙන බවය.  

 ඇඹිලිපිටිය කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝදරගම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

වැටලීමේදී වියළි ගංජා කිලෝ එක්දහස් එකසිය පනහකට වැඩි ප්රමාණයක් තරාදි දෙකක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්ථා වන්නේ..