තලවකැලේදී වාහන 28ක් ධාවනයෙන් ඉවත් කෙරේ
තලවකැලේ ප්‍රදේශය හරහා ධාවනය වූ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
නුවරඑළිය පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂකවරුන් එක්ව තලවකැලේ ප්‍රදේශයේදී මෙම හදිසි පරීක්ෂාව සිදුකර තිබේ.
එහිදී බස් රථ, මෝටර් රථ, යතුරුපැදි, වෑන් සහ ලොරි රථ ඇතුළු වාහන 40ක් පරීක්ෂාවට ලක්කර ඒවා ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේද යන්න සොයා බැලීය.
විවිධ අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවති වාහන 28ක් මෙලෙස තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති අතර, එම වාහනවල ආදායම් බලපත්‍රද මෝටර් රථ පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබේ.
රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම පරීක්ෂාව සිදුකර ඇති අතර, ධාවනයෙන් ඉවත් කළ වාහන අතර පෞද්ගලික බස් රථ 4ක් සහ ත්‍රීරෝද රථ 15ක් ඇතුළු වාහන 28ක් වන බව සඳහන් වේ.
වාහනවල හඳුනාගත් අඩුපාඩු නිවැරදි කර යළි පරීක්ෂාවකට ඉදිරිපත් කරන තෙක් එම වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇති බව මෝටර් රථ පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.