ජනතාවට රජයෙන් ලබා දීමක් මෙන්න..

Jaffna Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka Latest Headlines
By krishani Mar 22, 2024 01:39 PM GMT
Report

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත නිදහස් කර තිබෙනවා.

ජනතාවට රජයෙන් ලබා දීමක් මෙන්න.. | 234 Acres Of Land In Jaffna For Farmers

ඒ වගා කටයුතු සඳහා ය.

අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කර ඇති බව වාර්තා විය.

ඒ අනුව යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ඉඩම් මෙලෙස නිදහස් කර ඇත.

එමෙන්ම, අද ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උරුමය ජාතික වැඩසටහන යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ද පැවැත්විණ.

ඒ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේ දී ය.