22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇරඹේ
Government Of Sri Lanka
Supreme Court of Sri Lanka
22nd Amendment
Latest Headlines
Sinhala news
By R.rishma
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ගොනු කර ඇති අතර, අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් 05ක් ගොනු කර තිබේ.