විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වෙන 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් වෙයි
Sri Lanka
Government Of Sri Lanka
22nd Amendment
Latest Headlines
Sinhala news
By R.rishma
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙසත් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
එමෙන්ම, අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67 සම්පූර්ණ කරන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත්වීමෙන් වසර 6ක කාලසීමාව සම්පූර්ණ වන දිනය යන අවස්ථා දෙකෙන් පෙර එළැඹෙන දිනය ලෙස නියම කිරීමටද පනත් කෙටුම්පතේ සඳහන් වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ by rishma