ලොවක් කම්පා කරමින් ස්ව කැමැත්තෙන්ම කුසගින්නේ සිට ජීවිතක්ෂයට පත් වූ කුඩා ළමුන් ඇතුළු පිරිස..!

Kenya
By Sewvandhi Apr 23, 2023 11:23 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ස්වකැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිය 21දෙනෙකුගේ මළ සිරුරු කෙන්යාවේ ෂකහෝලා වනාන්තරයේ වළලා තිබියදී, කෙන්යානු පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස අදාළ මළසිරුරු සොයාගෙන තිබුණේ "කුසගින්නේ මියයාමෙන් ස්වර්ගස්ථ විය හැකි" බවට මතයක් ප්‍රචාරය කළ පූජකවරයෙකු සම්බන්ධයෙන් කළ විමර්ශනයක් අතරතුරය.

මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිට තිබුණි. ඊට අමතරව මළ සිරුරු වළලා ඇතැයි සැකකෙරෙන තවත් ස්ථාන 58ක් ද හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට දින කිහිපයකට පෙර එම වනාන්තරය ආසන්නයේ සිටියදී, මියයාම වෙනුවෙන් කුසගින්නේ සිටි කතෝලික කල්ලි සාමාජිකයින් 15දෙනෙකු මුදාගැනීමට පොලීසිය සමත් වුණි. 

 කෙසේ නමුත් ඒ අතරින් සිව්දෙනෙකුද මියගොස් ඇති අතර ගුඩ් නිවුස් නමැති ජාත්‍යන්තර පල්ලියේ පූජකවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ වූයේ ඉන් පසුවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now