උපදේශයක් හේතුවෙන් නිරාහාරව 21ක් මිය ගිහින් - තවත් 15කගේ දිවි බේරෙයි..

Kenya
By krishani Apr 23, 2023 05:41 AM GMT
krishani

krishani

in ලෝකය
Report

කෙන්යානු පොලිසිය විසින් කුසගින්නේ මියගිය පුද්ගලයින් 21 දෙනෙකු වළ දමා තිබිය දී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙලෙස මියගිය පිරිස් අතර ළමයින් ද වේ.

මේ අතර, කෙන්යාවේ ෂකහොලා වනාන්තරයේ නොගැඹුරු සොහොන්වල වළදමා ඇති තවත් 58කගේ පමණ සිරුරු ගොඩගැනීමට නියමිත බව වාර්තා වේ.

දේවගැතිවරයෙකු ලබාදුන් උපදෙස්  එනම් කුසගින්නේ පසුවීමෙන් යේසුස් වහන්සේ වෙත යාමට හැකිවන බවට යන උපදේශය පිළිපැදීම හේතුවෙන් මෙම පිරිස මියගොස් ඇති බවට අනාවරණ වී ඇත්තේ.

එම දේවගැතිවරයා ගම් තුනක් වන නාසරෙත්, බෙත්ලෙහෙම්, සහ ජුදා ලෙස නම් කර එහි අනුගාමිකයන් පොකුණුවල බව්තීස්ම කර නිරාහාරව සිටීමට උපදෙස් ලබා දී ඇත.

කෙසේවෙතත්, මේ වනවිට එම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ සිටි තවත් පුද්ගලයින් 15 දෙනෙකු ද බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join