මෙවර ජනාධිපතිවරණයේදී අලුත්ම ඡන්ද ලක්ෂ 10ක්. - ඉදිරි සති දෙකේ වෙන්න යන දේ මෙන්න.

Election Sri Lanka Presidential Election 2024
By Wayomi Jun 30, 2024 11:42 AM GMT
Report

පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අලුතෙන් ඡන්ද දායකයන් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එක්වනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.


2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි. 2023 ඡන්ද නාමලේඛණයේ ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂ හැටතුන් දහස් තුන්සිය තිස්හතරකි.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙනුයේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව වන නිසා තවදුරටත් නව ඡන්ද දායක සංඛ්‍යාව වැඩිවනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


2024 නව ඡන්ද හිමි නාම ලේඛනය ඉදිරි සති දෙක ඇතුළත සහතික කර ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.