මෙවර අය වැයෙන් ජනතාවට ලැබෙන සුභසාධන ප්‍රතිලාභ

Sri Lanka Sri Lanka Budget 2023
By Sewvandhi Nov 14, 2022 11:41 AM GMT
Report

 සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින්ගේ ලැයිස්තු පිළියෙල කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ප්‍රතිලාභී අයදුම්පත් පිළිබඳ කරුණු සිදුකරන අතර, දත්ත පද්ධතියක් ද සකස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (14) පාර්ලිමේන්තුවේ දී අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ප්‍රතිලාභ ලැබීමට දැනටමත් ලියාපදිංචි වී සිටින අයදුම්කරුවන්ගේ නිවාස වෙත යාමට ද නීතිය අනුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද සැලසුම් කර ඇති බවය.

ඒ අනුව නව සුදුසුකම් ලැබීමේ නිර්ණායක යොදාලෙන ප්‍රතිලාභීන් තේරීම 2023 ජනවාරි මස සිට ආරම්භ කෙරේ. සුදුසුකම් සපුරන්නන්ගේ ලේඛනය පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව සියලුම සුබ සාධන ගෙවීම් සුදුසුකම් ලබන ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට යැවීමට පහසුකම් සපයා දී තිබේ. නව සුබ සාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනාක්‍රම යටතේ ගෙවීම් 2023 වසරේ අප්‍රේල් මාසය වනවිට ආරම්භ වීමට අපේක්ෂිතය.

ඒ වනතුරු පවතින සුබ සාධන ක්‍රමය පනත්වාගෙන යනු ලැබේ. එමෙන්ම සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇත පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමනාවල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩිකරන ලද දීමනා අඛණ්ඩව ගෙවනු ලබන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව වර්තමානයේ දී අයවැය ප්‍රතිපාදන මඟින් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව, සමස්තයක් ලෙස රුපියල් බිලියන 43ක අමතර වෙන් කිරීමක් අයවැයෙන් සිදුකර ඇත. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බලපෑමට ලක්වූවන් සඳහා අයවැයෙන් රු මිලියන 43,000ක මුදලක් වෙන්කර තිබේ.

අද (14) දිනයේ 2023 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එමෙන්ම සමෘද්ධි සහන දීමනා සඳහා මාසිකව රු මිලියන 66,000ක් වෙන්කර ඇති අතර, වැඩිහිටියන් සඳහා මූල්‍ය ආධාර වෙනුවෙන් රු මිලියන 14,530ක් වෙන්කර තිබේ.

වැඩිහිටි, ආබාධිත, වැන්දඹු අඩු ආදායම්ලාභීන් ගෘහ ව්‍යවසායකින් ලෙස ශක්තිමත් කිරීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 110,000ක මුදලක් වෙන් කර ඇත. මේ අතර විශ්‍රාම වැටුප් සඳහා රජය වෙන්කර ඇති මුළු මුදල රු මිලියන 375,255කි. සුබ සාධන හා සහනාධාර වැඩසටහන් සඳහා වන ප්‍රතිපාදන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now