මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම බිහිවූ විද්‍යාලය මෙන්න..
අද (01) උදෑසන නිකුත් කළ අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ දැරියක් විසින් හිමිකරගෙන ඇති බව වාර්තා වනවා.
අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව ප්‍රකාශ කළා.
2022 අපොස සාපෙළ ප්‍රතිඵල අනුව සිසු-සිසුවියන් 13,588ක් A නවය බැගින් ලබාගෙන තිබීම ද විශේෂත්වයක්.
එසේම එම විභාගය සඳහා මුහුණදුන් අපේක්ෂකයින්ගෙන් 72.07%ක් අපොස උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 04 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර අද (01) දිනයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසාදී තිබෙන බව ද සදහන්.
මේ අතර 2022(2023) සාමාන්‍ය පෙළ විභාගය සදහා සහභාගී වූ මුළු සිසුන් සංඛ්‍යාව 472553 වන අතර ඉන් පාසල් අයදුම්කරුවන් 394450 ක් සිටින අතර, පෞද්ගලික අයදුම්කරුවන් 78103ක් සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.