සහල්,මිරිස්,සීනී ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු බහාලුම් 2000ක් වරායේ සිරවෙයි..! ඉන්දීය භාණ්ඩ මුලින්ම මුදා ගැනීමට පියවර..?

Sri Lanka Indian Economic Bandula Gunawardhana essential good
By Sewvandhi Mar 19, 2022 02:43 AM GMT
Report

වරාය තුල සිරව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහලුම් 2000 ක් පමණ මුදා හැරීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට මුදල් අමාත්‍යංශය සහ වෙළඳ අමාත්‍යංශය තමන්ට දැනුම් දී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කල භාණ්ඩ සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනු ඇති බවයි.

සහල්, සීනි, ලොකු ලූණු, මිරිස්, කඩල සහ පරිප්පු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු රජය මගින් ලබා දෙන ණය ආධාර යටතේ වරායෙන් නිදහස් කරගැනීමට නියමිතයි.

මේ අතර වරාය තුළ සිරව ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සළසන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now