වාකරෙන් හමුවූ ජීව බෝම්බ තොගය

Sri Lanka Army Batticaloa Sri Lanka
By Sewvandhi Nov 10, 2022 03:58 AM GMT
Report

යුද හමුදා බුද්ධි අංශයටද ලද තොරතුරක් අනුව මඩකලපුව වාකනේරි ආනමනෙයි ප්‍රදේශයේ දී වලදමා තිබූ බෝම්බ විස්සක් හොයා ගත් බව වාලච්චේන විශේෂ කාර්ය බලකාය පවසයි.

මිලි මීටර් 60 වර්ගයේ බෝම්බ විස්සක් එම පෙට්ටි දෙකතුළ තිබූ බවත්, ඒවා නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත් බව වාකරේ යුද හමුදා බුද්ධි අංශය නිලධාරියෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය

එම බෝම්බ වාකනේරි කුඹුරක් ආසන්නයේ සන්දිවේලි පාලමට යාබදව තිබූ බවත්, 08 වෙනිදා රාත්‍රියේ පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බවද බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now