ප්‍රසිද්ධ ගීත 20ක් සංගීත කණ්ඩායමකට ගායනය සපුරා තහනම් කෙරේ...එම ගීත මෙන්න.

Police Sri Lanka Son High court Music
By Aruna Dec 17, 2021 08:35 AM GMT
Report

ගායක හා වාදක අරුණ ලියාන් විසින් ගායනය වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ගීත 20කට අධික සංඛ්‍යාවක් ගායනය හා එම ගීතවල අතිරේක ආදායම් ලබා ගැනීම ජය ශ්‍රී සංගීත කණ්ඩායමට තහනම් කර තිබෙනවා.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අදාළ තහනම් නියෝගය ජය ශ්‍රී සංගීත කණ්ඩායම වෙත පනවනු ලැබුවේ එම කණ්ඩායමේ සිට පසුව වෙන් වූ එම කණ්ඩායමේ ගායකයෙකු වන අරුණ ලියාන් විසින් ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමු වුණේ, සියුමැලි, ශීලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුළු ගීත 20ක් ජය ශ්‍රී නමින් සිය තනි නිර්මාන වශයෙන් ගායනා කිරීම මෙම කණ්ඩායමට වාරණය වනු ඇති.

මෙම වාරණය අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීමටද බල පැවැත්වෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now