පාසල් ළමුන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අවාසනාවන්ත අනතුර..

Sri Lanka Police Investigation Accident Sri Lankan Schools School Incident
By Sewvandhi Mar 17, 2024 11:43 AM GMT
Report

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනෙකි.

එම දරුවන් දෙදෙනා ඥාතීන් වන අතර මෙම අනතුරට ලක්ව ඇත්තේ,ඔවුන් සිය මව්පියන් සමග ගඟේ දියනෑමට පැමිණි අවස්ථාවේ දීය.

පොලීසිය පවසන්නේ, දියේ ගිලීමෙන් අනතුරුව ගොඩට ගත් දරුවන් ඉමදූව රෝහල වෙත ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බවයි.

යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.