රුසියානු සමාගම් දෙකක් මෙරට ඉන්ධන සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වෙයි

Ceylon Petroleum Corporation Russia Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 15, 2026 08:08 AM GMT
Report

රුසියානු සමාගම් දෙකක් මෙරට ඉන්ධන සැපයුම් සමාගම් ලෙස ලියාපදිංචි කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, අදාළ ලියාපදිංචියත් සමඟ එම සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිලදී ගැනීම සඳහා පැවැත්වෙන ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවයි.

ලබන 21 වැනිදා මෙරටට බොරතෙල් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් විවෘත කිරීමට නියමිත අතර, එම ටෙන්ඩරය සඳහා ද අදාළ රුසියානු සමාගම් දෙකට අයදුම් කළ හැකි බව ඔහු සඳහන් කළේය.

මේ වන විට මෙරටට ඉන්ධන සැපයීම සඳහා සමාගම් 15කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.