පාර්ලිමේන්තු පොකුරක්.. තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට කොවිඩ්

By Sithumi Jan 22, 2022 11:29 AM GMT
Report

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ සාරතී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනාට එලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය. සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා ඊයේ දිනයේ ද පාර්ලිමේන්තු රැස්වීම සදහා සහභාගී වී තිබුණි.

ඒ අනුව ගතවූ දින 4 තුළ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

අමාත්‍ය සරත් වීරසේකර මහතාට වෛරසය ආසාදනය වී ඇති බවට මීට දින දෙකකට පෙර වාර්තා වූ අතර ශානක්‍යයන් රාසමානික්කම් මහතාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ වාර්තා වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now