සුනඛයින් අතර ගැටුමක් අයිතිකාරයන් අතරටත් යයි - බෝර 12 රයිෆලයකින් වෙඩි තබාගෙන යයි.. දෙදෙනෙක් මිය යයි.. (VIDEO)

Shooting Death Gun Shooting
By krishani Aug 18, 2023 03:08 PM GMT
krishani

krishani

in ලෝකය
Report

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර්හි සුරතල් සුනඛයන් අතර ඇති වූ ගැටුමක් ඔවුන්ගේ අයිතිකරුවන් අතර ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එම ගැටුමෙන් පසු සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බැංකුවක ආරක්‍ෂක නිලධාරියෙකු වූ Rajpal Singh Rajawat නම් පුද්ගලයා  ඔහුගේ බැල්කනියේ සිට අසල්වැසියන්ට වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ගැටුම සිදු වී තිබෙන්නේ Rajpal Singh Rajawat සහ ඔහුගේ අසල්වැසියා වන 35 හැවිරිදි Vimal Amcha සමගයි.

ඒ රාත්‍රී 11 ට පමණ බහින්බස්වීමක් ආරම්භ වී ඇති අතර පසුව Rajpal විසින් ඔහුගේ පළමු මහලේ නිවසට දිව ගොස් බෝර 12 රයිෆලයක් භාවිතා කරමින් Vimal ට වෙඩි තබා ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන්  Rajpal සහ ඔහුගේ පුත් සුධීර් සහ තවත් ඥාතියෙකු වන ශුභම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විඩියෝ දර්ශන - NDTV YouTube Channel