අනතුරු ඇඟවීමක්. දිස්ත්‍රික්ක 2ක් නායයාමේ අවදානමක.

Weather
By Wayomi Dec 19, 2022 08:09 AM GMT
Report

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවනවා.

ඒ, අනුව හෙට (20) දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම සංවිධානය අවධාරණය කරනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW