වීරවිලේ බස් රථයක් අනතුරට ලක්වෙයි - 19 දෙනෙකු රෝහල්ගත කෙරේ

Accident Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 25, 2026 07:35 AM GMT
Report

මාතර - තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටින බවයි.

තිස්සමහාරාම සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තුවාල ලැබූ සියලු දෙනා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් බරපතළ තත්ත්වයේ පසුවූ සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරට හේතුව සම්බන්ධයෙන් වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.