රත්තරන් වැසිකිළිය සොරා ගත්තාට ලැබුණ දඬුවම.. (PHOTOS)

Latest Headlines
By krishani Apr 05, 2024 05:31 PM GMT
krishani

krishani

in ලෝකය
Report

දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ වින්ස්ටන්ට් චර්චිල් උපත ලැබූ නිවසේ තිබූ කැරට් 18 වර්ගයේ රත්තරන්වලින් නිර්මාණය කළ වැසිකිළි පෝච්චිය සොරකම් කිරීම සම්බන්ධයෙන් 39 හැවිරිදි ජේම්ස් ෂීම් නමැත්තා වරදකරු විය.

රත්තරන් වැසිකිළිය සොරා ගත්තාට ලැබුණ දඬුවම.. (PHOTOS) | 18 Carat Toilet Bowl Theft

එය ඇමෙරිකන් ඩොලර් මිලියන 6 කට වඩා වටිනා ලද්දකී.

2019 වසරේ දී එම රත්තරන් වැසිකිලි පෝච්චියේ සොරකම සිදු වී තිබෙනවා.

මෙම වැසිකිළි පෝච්චිය අසාමාන්‍ය කලා නිර්මාණයක් වන අතර එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ මාරියෝ කැටලෙන් නමැති ඉතාලි කලාකරුවා විසින් ය.

ඒ ජාත්‍යන්තර කලා නිර්මාණ ප්‍රදර්ශනයක් සඳහා වේ.

මාරියෝ කැටලෙන් රත්තරන් වැසිකිළියක් නිර්මාණය කළේ ‘ඩොලර් දෙසීයක් වියදම් කර ආහාර අනුභව කළත්, ඩොලර් දෙකක් වියදම් කර අනුභව කළත් අවසන් ප්‍රතිඵලය එකයි’ යැයි පෙන්වා දෙමින් ය.

මෙම කලා නිර්මාණය ‘ඇමෙරිකා’ යන නමින් නම් කෙරුණු අතර ප්‍රදර්ශනයට තබා දින කීපයකින්, වැසිකිළි පෝච්චිය අතුරුදන්ව තිබෙනවා.

රත්තරන් වැසිකිළිය සොරා ගත්තාට ලැබුණ දඬුවම.. (PHOTOS) | 18 Carat Toilet Bowl Theft

එම සොරකම සම්බන්ධයෙන් වරදකරු වුණු ජේම්ස් ෂීම්, මේ වනවිටත් වෙනත් සොරකම් සම්බන්ධයෙන් වසර 17 ක සිරදඬුවමක් විදිමින් සිටී.

කෙසේ වෙතත්, ෆියිච් වේල්ස් බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු, ඔක්ස්ෆර්ඞ් ක්‍රවුන් කෝට් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ය.