17 දෙනෙකුට මරු කැඳවූ බිහිසුනු මිසයිල ප්‍රහාරය..

Russo-Ukrainian War Ukraine Russia
By Sewvandhi Sep 07, 2023 09:37 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  නැඟෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බවයි.

මෙම  ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති අතර මෙම ප්‍රහාරය හිතාමතා එල්ල කළ එකක් බවට පවසමින්, යුක්‍රේන ජනපති විසින් හෙළා දැක තිබේ.

නමුත් තවමත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ. මොස්කව් වෙත දෝෂාරෝපණය කරමින් යුක්‍රේන ජනපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ, මිය ගිය පුද්ගලයන් කිසිදු වරදක් සිදු නොකළ අය බවයි.

එසේම, මරණ ගණන ද තවත් වැඩි විය හැකි බව ඔහු අවධාරණය කර ඇත. විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ, මාර්තු මාසයේ සිට එල්ල වූ ප්‍රහාරවලින් මේ දක්වා යුක්‍රේන වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.


වැසිකිළි ගාස්තු ඉහළට..