16 හැවිරිදි පාසල් සිසුවියගේ ඝාතන සැකකරුවන්ට අධිකරනයෙන් දුන් නියෝගය.
Sri Lanka Police
Sri Lanka
By Sithumi
16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස කළුතර ලැගුම්හලකදී මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකර ඇත.
අද (23) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත
එමෙන්ම,අද (23) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ද ඉදිරිපත් කර තිබුණි.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ එම සැකකරු ද ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකරන ලෙසටය.