තැනින් තැනට මාස ගාණක් තිස්සේ රැගෙන ගිහින් මල් කැකුලකට කළ, අහස පොළොව නුහුලන කඳුළු කතාව..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 11, 2022 05:24 AM GMT
Report
Courtesy: Divaina

බිංගිරිය ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් පැහැරගෙන ඇවිත් අනුරාධපුරය, රුවන්වැල්ල, හංවැල්ල, වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක රඳවා තබාගනිමින් අපහරණයට ලක්කළ පුද්ගලයකු අදාළ දැරිය ද සමග (09) වන දින රාත්‍රියේ වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වේයන්ගොඩ,එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙක් වන අතර මාස ගණනාවක සිට දැරිය තැන තැන රඳවා තබාගෙන අපහරණයට ලක්කර ඇති අතර වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා තබාගෙන සිටිය දී ඉකුත් 09 දා රාත්‍රියේ වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති චන්න වෑත්තෑව මහතා වෙත ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂණයක දී සැකකරු සමග දැරිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ.

සැකකරු (10) වන දා අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර දැරිය පරීක්ෂණයක් සඳහා වතුපිටිවල රෝහලට ඇතුළු කිරීමටත් කටයුතු කර තිබූ අතර වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අංශයේ චතුරිකා මහත්මිය ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join