සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 15ක් මිය යයි.

Fire
By Wayomi Nov 05, 2022 12:37 PM GMT
Report

රුසියාවේ කොස්ට්‍රෝමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

රුසියානු වේලාවෙන් පාන්දර 2 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.

කෙසේ වෙතත් උදෑසන 7.30 පමණ වන විට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන හමුදා සමත් වී තිබෙනවා.

මෙම ගින්නට හේතු වී ඇත්තේ, පුද්ගලයකු එම සමාජ ශාලාවේ නර්තන වේදිකාව මත 'ෆ්ලෙයාර් ගන්' සංඥා පිස්තෝලයක් භාවිත කිරීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW