මෙරට ප්‍රධානතම දිස්ත්‍රික්කයක දැරියන් ගැන ඇඟ හිරිවැටෙන භයානක අනාවරණයක්..!

Kandy Sexual harassment Child Abuse Crime
By Sewvandhi Dec 24, 2023 11:10 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ, මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17 කින් 2020 සිට 2022 දක්වා වූ වසර තුනේ දී වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමුන් 132 දෙනෙකු දූෂණයට ලක්ව තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් පොලීසියට වාර්තා නොවන සිදුවීම් ද සැලකීමේ දී මෙම අගය දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බවත්ය.

එමෙන්ම එතුමා සඳහන් කළේ, පොලිස් ස්ථාන 17 කට වාර්තා වූ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 132 න් 15 ක් ගැහැණු ළමයා ගේ අකමැත්ත මත සිදුව තිබෙන බවයි.

මේ අනුව පෙනී යන්නේ වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවන් බහුතරයක් දෙනා දූෂණයට ලක්වන්නේ තම කැමැත්ත මත බවත් මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙරට ප්‍රධානතම දිස්ත්‍රික්කයක දැරියන් ගැන ඇඟ හිරිවැටෙන භයානක අනාවරණයක්..! | 132 Minor Girls Were Raped In Kandy

වයස අවුරුදු 14-16 අතර ගැහැණු ළමුන් 2021 දී 79 දෙනෙකු ද 2022 දී 93 දෙනෙකු ද මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත පොලිස් ස්ථාන මගින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන බවද ඒ මහතා කීය.

මෙරට පොලිස් ස්ථාන වෙත 2018 වසරේ සිට 2021 වසර දක්වා වයස අවුරුදු 16 ට අඩු ගැහුණු ළමුන් දූෂණයට ලක්වීමේ සිදුවීම් වලට අදාළ පැමිණිලි 6307 ක් ලැබී තිබෙන බවත් ඉන් 5055 ක්ම සිදුව ඇත්තේ ගැහැණු ළමයා ගේ කැමැත්ත මත බව පොලිස් වාර්තා පෙන්වා දෙන බවත් සුබසිංහ මහතා පැවසු අතර ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ බාල වයස්කාර දැරියන් සම්බන්ධයෙන් දෙමාපියන් මීට වඩා දැඩි අවධානය යොමු කළ යුතු බවය.