දැරියක් අපයෝජනය කළ තරුණයෙකු ඇතුළු විවාහක යුවළක් අත්අඩංගුවට..!
පොලීසිය විසින් 12 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව තරුණයෙකු සහ විවාහක යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.
අනාවරණය වී ඇත්තේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති 19 හැවිරිදි වියේ පසුවන තරුණයා වස්කඩුව නුගගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අඹුසැමි යුවල බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි.
පසුගියදිනක ගුරුවරියක් විසින් එම දැරිය පාසල වෙත නොපැමිණි බවට දැරියගේ මවට දැනුම්දී තිබේ. ඒ අනුව දැරියගේ මව විසින් දැරිය සන්තකයේ තිබූ දුරකථනය වෙත ඇමතුමක් ගෙන කළ විමසීමකදී පවසා ඇත්තේ තමන් මිතුරෙකුගේ නිවසේ සිටින බවය.
අනතුරුව තමන් බණ්ඩාරගම බස් නැවතුම්පොළේ සිටින බවට දැරිය විසින් මවට දුන් ඇමතුමකට අනුව ඇයගේ මව එහි ගොස් දැරියද රැගෙන පොලිස් බණ්ඩාරගම ස්ථානය වෙත ගොස් තිබේ.
දැරිය පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින්, දින කිහිපයකට පෙර දන්සලක් අසළදී තරුණයෙකු මුණගැසුණු බවත් පසුව ඔහු හා තමන් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත් බවත් ඔහුගේ ආරාධනයකට අනුව ඔහු හමුවීමට ගිය බවත් එහිදී පවසා ඇත.
වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනතුරුව දැරිය රැගෙන සැකකාර තරුණයා ඔහුගේ ඥාතීන් වන යුවලකගේ නිවස වෙත ගොස් ඇති බවය.
එහිදී පොලීසිය එම නිවස වෙත ගොස් අදාළ යුවල අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලට අනුව දැරිය රවටා අපයෝජනය කළ බවට අනාවරණය වී ඇත. ඒ අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර තිබේ. බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |