එකොළොස් දෙනෙකුට දිවි අහිමි කරමින් අවසන් වූ උපහාර උත්සවය..!

India Climate Change
By Sewvandhi Apr 17, 2023 09:06 AM GMT
Report

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් 11 දෙනෙක් මරණයට පත්වී තිබේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්‍රධානොත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් අතුරින් විශාල පිරිසක් අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් රෝහල් ගත කළ බවත් ඉන් 11දෙනෙක් මියගොස් ඇති බවයි.

මෙම උත්සවය, ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක්ට උපහාර දැක්වීම සඳහා සංවිධානය කර තිබුණි. ඊට සහභාගීවුවන්ට විජලනය සහ දැඩි අව් රශ්මිය හේතුවෙන් විවිධ රෝගාබාධ ඇතිවී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now