1990 සුවසැරියට නව ගිලන් රථ 100ක් - ඉන්දීය රජයෙන් මූල්‍ය ප්‍රදානයක්
1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් ලබාගැනීමට ඉන්දීය රජය මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, අදාළ මූල්‍ය ප්‍රදානය ලබාගැනීම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ 2016 වසරේදී ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන් රථ සේවාව 2018 වසර වන විට දිවයින පුරා ව්‍යාප්ත කර තිබේ.
ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ 2016 වසරේදී ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන් රථ සේවාව 2018 වසර වන විට දිවයින පුරා ව්‍යාප්ත කර තිබේ.
එමෙන්ම, වාර්ෂිකව කිලෝමීටර් මිලියන 9ක පමණ දුරක් ධාවනය වන මෙම සේවාවට අයත් දැනට පවතින ගිලන් රථ 322හි කාර්මික දෝෂ ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සේවයට එක්කර ගැනීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානය ලබාගැනීමට දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.