වෙඩි තැබීමකින් 10ක් ජිවිතක්ෂයට - වෙඩි ප්‍රහාරයෙන් පසු ඇදිරි නීතිය ද පනවලා..

By krishani May 01, 2023 03:35 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඉක්වදෝරයේ ගුවායාකිල් වරාය නගරයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ප්‍රහාරයෙන් 5 හැවිරිදි දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම වෙඩි තැබීම සිදු වී ඇත්තේ.

ප්‍රහාරයෙන් පසු අදාළ ප්‍රදේශයට ඇදිරි නීතිය පනවා ඇති අතර වරාය නගරයේ ඉහළ යන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ඉක්වදෝර රජය විසින් අප්‍රේල් මස මුලදී ගුවායාකිල් සහ ඒ අවට ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණී.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join