සිරිනිවාස නාහිමියන් දුන් කෝටි 10 තෑගි ඔප්පුව ඉල්ලා කාන්තාවකගේ පෙත්සමක්.

Sri Lanka
By Wayomi Mar 18, 2023 07:35 AM GMT
Report

අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නාහිමියන් තමන්ට තෑගි ඔප්පුවකින් ලබා දුන් කෝටි 10 ක් වටිනා නිවස සහිත ඉඩමේ ඔප්පුවට ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලා කාන්තාවක් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇය එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත් නමති කාන්තාවක් වන අතර ඇය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ 00082/එන/2022 අංක දරන පෙත්සමක් එලෙස ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් අනුරාධපුර පළමු පියවරේ පිහිටි නිවස සහිත ඉඩම අංක 5493 දරන තෑගි ඔප්පුවකින් උන් වහන්සේ අපවත් වීමට දින පහකට පෙර තමන්ට ලියා දුන් බවත් , එකී නිවස සහිත ඉඩමේ ඔප්පුව ලියාපදිංචි කිරීම රෙජිස්ටර් ජෙනරාල්වරයා ප්‍රතික්ෂේප ඇති බවත් ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මේ තෑගි ඔප්පුව වහා ලියාපදිංචි කිරීම කරන ලෙස රෙජිස්ටර් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස දිනේෂා කුමාරි හේරත් ඉහත පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්