පුටින් පොකුරු බෝම්බ ප්‍රහාරයකට සුදානම් වෙයි
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව විසින් යුද ආධාරයක් ලෙස පොකුරු බෝම්බ තොගයක් යුක්‍රේනය වෙත ලබාදීමට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකර ඇති බවය.
රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ, රුසියාව සතුව පොකුරු බෝම්බ ප්‍රමාණවත් තොග පවතින අතර ඒවා භාවිත කිරීමේ අයිතිය තම හමුදාවට ද පවතින බවයි.
යම් හෙයකින් අමෙරිකාව විසින් ලබාදුන් පොකුරු බෝම්බ තොග යුක්‍රේනය භාවිත කළහොත් රුසියානු හමුදා ද එම අවස්ථාවේ දීම පොකුර බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.