අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති ලොව 08 වෙනි මහාද්වීපය සිතියම් ගත කෙරේ...

New Zealand TN Weather Weather World
By Aruna Sep 30, 2023 02:16 AM GMT
Report

පෘථිවියේ අටවැනි මහද්වීපය 'සීලන්ඩියා' (Zealandia) බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

'සීලන්ඩියා' Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරාතුවයි.

නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත් වී සිටින බවයි පැවසෙන්නේ.

මෙම මහද්වීපයට අයත් භූමියෙන් අද මුහුදින් මතුපිට ඇත්තේ නවසීලන්ත දූපත් රාජ්‍යය පමණක් වීම ද විශේෂත්වයක්.

8 වැනි මහාද්වීපයෙන් සියයට 94ක් මුහුදට යටවී ඇති අතර, ඉතිරි සියයට 6 ලෙස භූ විද්‍යාඥයන් සලකන්නේ නවසීලන්තයයි. භූ විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ, ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම මහද්වීපය මුහුදේ ගිලෙන්න ඇත්තේ වසර 375 කට පෙර බවයි.

මෙම 8 වැනි මහාද්වීපයේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 5ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘සීලන්ඩියා’ මහද්වීපය මැඩගස්කරයට වඩා 6 ගුණයක් පමණ විශාල වන බවද සඳහන්වේ.

හිටපු ජනපති මහින්ද නායකත්වය ගැන කියයි...නායකත්වයේ යළි වෙනසක්?

හිටපු ජනපති මහින්ද නායකත්වය ගැන කියයි...නායකත්වයේ යළි වෙනසක්?