ගොඩනැගිල්ලක පිපිරිමකින් 08 දෙනෙකු අතුරුදන්..

France
By krishani Apr 10, 2023 03:20 AM GMT
krishani

krishani

in ලෝකය
Report

දකුණු ප්‍රංශයේ මාර්සෙල් නගරයේ ගොඩනැගිල්ලක පිපිරීමකින් 08 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙතෙක් පිපිරීමට හේතුව අනාවරණ වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 100කට අධික පිරිසක් යොදවා ඇත.

මහල් හතකින් යුත් මෙම ගොඩනැගිල්ලේ පිපිරීමත් සමඟ අවට ගොඩනැගිලි දෙකකට අර්ධ වශයෙන් හානි වී ඇති අතර එම ගොඩනැගිලිවල සිටි 200කට ආසන්න පිරිසක් ඉවත් කරගෙන ඇත.

ප්‍රංශ බලධාරීන් සැක පළ කරන්නේ, ගෑස් කාන්දුවක් මෙම පිපිරීමට හේතුව වන්නට ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join