ඉහළ අහසේදී පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් පුද්ගලයින් 05ක් මියයයි..

United States of America Accident Death Israel-Hamas War Gaza
By Aruna Mar 09, 2024 05:29 AM GMT
Report

ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි,විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබුණා.

විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකාව සහ ජෝර්දාන ගුවන් හමුදාව ඒකාබද්ධව ගාසා තීරයට ගුවන් ආධාර හෙළීමක් පසුගියදා සිදුකළ බවයි.

මේ අතර ජෝර්දානය පවසා ඇත්තේ තම ගුවන් යානයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි.

ගාසා තීරයේ මිලියන 2.3 ක ජනගහනයෙන් හතරෙන් එකක් වන ළමයින් කුසගින්නෙන් මිය යන තත්ත්වයක් උදාවී ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සති අන්තයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගාසා තීරයට ආධාර සැපයීම මුහුදු මාර්ගයෙන් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.