ආසාවෙන් කෑ රසම රස අග්ගලා නිසා මෙහෙම වෙයි කියලා නම් හිතන්න නැතුව ඇති?. 03ක් රෝහලේ..

Hospitals in Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 18, 2024 02:18 AM GMT
Report

ඊයේ (17) රාත්‍රියේ මීගහකිවුල, කණුගොල්ල ප්‍රදේශයේ එකම පවුලක තිදෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ආසාවෙන් කෑ රසම රස අග්ගලා නිසා මෙහෙම වෙයි කියලා නම් හිතන්න නැතුව ඇති?. 03ක් රෝහලේ.. | 03 In The Hospital In Meegahakivula Area

ඒ සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත් වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගැනීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්විම හේතුවෙන් ය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අවුරුදු 14, 34, හා 28 යන වයස්වල පසුවන එකම පවුලේ තිදෙනෙක් ය.

ඔවුන් සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත්, පොල්, සීනි ආදිය එක්කොට සකස් කරන ලද අග්ගලා අනුභව කොට තේ පානය කර තිබෙනවා.

පසුව හටගත් අධික වමනය හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇත.

කෙසේ වෙතත්, අධික ලෙස වමනය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කළ පිරිසට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා විය.