ජය පැරදුම තීරණය වෙයි - අද මැච් එකට උණු උණුවේම සිදුවුණ දෙය මෙන්න.. (UPDATE/PHOTOS)
UPDATE :-
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.
තරගය ජයගැනීම සඳහා පන්දුවාර 27ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 97ක් විය.
කුසල් මෙන්ඩිස් තම කණ්ඩායම වෙනුවෙන් අගනා ඉණිමක් ක්‍රීඩා කළ අතර ඔහු නොදැවී ලකුණු 66ක් රැස් කළේ ය.
අවස්ථා කිහිපයක දී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 97ක් ලබා සිය ජයග්‍රාහණය වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, තරගාවලියේ වීරයා ලෙස නවක ක්‍රීඩක ජනිත් ලියනගේ නම් කළ අතර අද තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබෙනවා.
-------------------------------------
මැච් එකට මොකද වුණේ දන්නව ද?. එහි නවතම තත්ත්වය මෙන්න..(PHOTOS)
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය අද (11) පස්වරුවේ ආරම්භ විය.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.
එහිදී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත හැකි වුවේ ලකුණු 96 පමණයි.
අවස්ථා කිහිපයක දී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු දූ අතර වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට විනිසුරුවන් තීරණය කරනු ලැබීය.
මෙම තරගයේ දී වනිඳු හසරංග තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරනු ලැබුවේ ලකුණු 19කට කඩුලු 07ක් බිඳ දමමින් ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 97ක ඉලක්කයක් හිමිව ඇත.
Sponsored By Sarrita Jewellery