වාහන පිස්සන් තවත් මවිත කරවන ලොව වේගයෙන්ම චාර්ජ් වෙන නවතම මෝටර් රථය මෙන්න...

Electric Vehicle China Department of Motor Vehicles vehicle imports sri lanka
By Sithumini Aug 14, 2024 09:00 AM GMT
Report

වාහන වලට ආදරය කරන පිරිස් අතරේ වාහන වලට පිස්සුවෙන් වගේ ආදරේ කරන පිරිසකුත් ඉන්නවානේ. ඉතින් ඔවුන් ආස කරන පුවතවක් තමයි අද අපි ඔබට රැගෙන ආවේ.

මේ නවතම මෝටර් රථය නිපදවා තිබෙන්නේ චීනයෙන්. ඒ චීනයේ zeekr කියන සමාගම. මේ සමාගම කියන්නේ ලෝකයේ වේගයෙන්ම ආරෝපණය වන එහෙමත් නැතිනම් චාර්ජ් වෙන මෝටර් රථය තම සමාගම සතුවන බවයි.

මේ වන විට වේගයෙන්ම ආරෝපණය වන මෝටර් රථ බැට්‍රි නිශ්පාදන ප්‍රමුකයා වන ටෙස්ලා සමාගමට වඩා වේගයෙන් මෙම මෝටර් රථය ආරෝපණය වන බවයි එම සමාගම පවසන්නේ.

මෙහිදි එහි වැඩි දියුණු කරන ලද බැටරිය ආරෝපණ මධ්‍යස්ථාන භාවිතයෙන් විනාඩි 10 හමාරක් තුළ ධාරිතාව 10% සිට 80% දක්වා ආරෝපණය කිරීමේ හැකියාව පවතින බවයි එම සමාගම පවසන්නේ

. මිනිත්තු 15ක දී ලබා ගන්නා ආරෝපණයක් මගින් එහි මාදිලි 3 ට සැතපුම් 175ක් (282 km) ක දුරක් ධාවනය විය හැකි බව ටෙස්ලා සමාගම පවසනවා.

කෙසේවෙතත්   එය විදුලි මෝටර් රථයේ එක් ආරෝපණයකදී ගමන් කළ හැකි සම්පූර්ණ දුරෙන් අඩකට අඩු ප්‍රමාණයක් බවයි ඔවුන් පවසන්නේ.

ඒ සමගම ටෙස්ලා හි ආරෝපණ තාක්ෂණය තවදුරටත් කර්මාන්තයේ ප්‍රමුඛ තැන නොරඳන බව වාහන විශේෂඥයින් පවසනවා.