යුක්තිය මෙහෙයුම නතර වෙයිද..? මෙහෙයුම ගැන අලුත්ම තීරණයක්..!

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation
By Sewvandhi Dec 25, 2023 04:47 PM GMT
Report

පොලීසිය පවසන්නේ, යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළ යළි ක්‍රියාත්මක කරන බවයි.

නත්තල් සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් ආරක්ෂක සහ රථ වාහන කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මෙහෙයුම් යම් ප්‍රමාණයක අඩුවීමක් පවතින බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, එම මෙහෙයුම නවතා දමා නොමැති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව ලබාදෙන තොරතුරු අනුව ක්‍රියාත්මක වන බවය.

යුක්තිය මෙහෙයුම නතර වෙයිද..? මෙහෙයුම ගැන අලුත්ම තීරණයක්..! | Yukthiya Police Operation Stoped

මෙහෙයුම හේතුවෙන් ඇතැම් පුද්ගලයින් පදිංචි ස්ථානය වෙනස් කර ජාවාරම්වල නිරත වන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.