නව සංශෝධිත පනත් කෙටුම්පතට අනුව ඔබගේ ආදායම් බදු විස්තරය.
ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සම්බන්ධව මේ දින වල කතාබහට ලක්ව තිබෙනවා. ඒ අනුව දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෑතකදී (12.10.2022) ගැසට් මගින් පළකරන ලද සංශෝධන මත පදනම්ව ඔබේ අදායම් බදු විස්තරය මෙලෙස සටහන් කරනවා. ( සැ. යු. - මෙය රජය විසින් මෙම සංශෝධන විවාදයට ලක් කිරීමෙන් පසුව වෙනස්කම් වලට භාජනය විය හැකි බවත් මතක තබාගන්න)- copied - MEND
01. මසකට රු. 350,000ක් ( වසරකට රු. මිලියන 4.2ක්) උපයන කෙනෙක් නම්,
? මීට පෙර උපයන විට බදු වශයෙන් රුපියල් 6,000 ගෙවා තිබුණා. ( වසරකට රු. 71,000).
? එය 1.7% ක ශුද්ධ බදු ගෙවීමක්.
? නව බදු සංශෝධනය යටතේ ඔවුන් මාසෙකට රුපියල් 52, 500ක් ( වසරකට රු. 630,00ක්) බදු ගෙවිය යුතුයි.
? එය 15%ක ශුද්ධ බදු ගෙවීමකි.
02. මසකට රු. 160, 000ක ආදායමක් ලබන( අවුරුද්දකට රු. මිලියන 1.9). කෙනෙක් නම්,
? ඔහු මසකට රු. 250,000 (වසරකට රු. මිලියන 3) බදු සීමාව සපුරා සිටියේ නැත. එම නිසා ඔහු කිසිදු ආදායම් බද්දක් ගෙවිය යුතු වූයේ නැත.
? දේශීය ආදායම් පනත නව වෙනස්කම් යටතේ සමන් මසකට රු. 4,700 ( වසරකට රු. 56,400ක) බදු ගෙවිය යුතු අතර එය ශුද්ධ වශයෙන් 2.9%ක බදු ගෙවීමකි.
? ඔහුගේ බදු සේවායෝජකයා විසින් වැටුපෙන් අඩු කරන අතර ඔහුගේ වැටුප ඔහුගේ එකම ආදායම් මාර්ගය බැවින් ඔහුට බදු ලිපිගොනුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ නැත.
03. විශාල සමාගමක විධායක නිලධාරීයෙක් නම්, මසකට රු. 850,000ක් ( වසරකට රු. මිලියන 10.2ක්) උපයනවා නම්,
? මීට පෙර, ඔහු මසකට රු. 63,000ක් ( වසරකට රු. 756,000ක්) බදු ගෙව්වා.
? එය 74%ක ශුද්ධ බදු ගෙවීමක්.
? නවතම බදු සංශෝධන යෝජනාවට අනුව ඔහු මසකට රු. 232,500ක් (වසරකට රු. මිලියන 2.8ක් ) බදු ගෙවිය යුතුයි.
? එය 27.4%ක ශුද්ධ බදු ගෙවීමකි.
ව්‍යාපාර මත සමාගම් බදු
දැන් | 2022 අයවැයේ යෝජිත වෙනස්කම් | |
Standard tax rate | 24% | 30% |
Healthcare and construction | 14% | 30% |
Manufacturing | 18% | 30% |
Liquor, tobacco, betting ,gaming | 40% | 40% |
Dividend payments to non - residents Tax holidays | Not Taxed | Liable for tax to be removed for certain industries |
පුද්ගල ආදායම් බද්ද (යම් සීමාවකට වඩා වැඩි වන පුද්ගල ආදායම් මත ප්‍රතිශතයක් ලෙස පනවනු ලබන බද්දකි.)
කලින්
Taxable income | Rate |
0-3 million | Not taxed |
3-6 million | 6% |
6-9 million | 12% |
+9 million | 18% |
දේශීය ආදායම් පනතෙහි සංශෝධනය පනත් කෙටුම්පත මගින් යෝජිත වෙනස්කම්
Taxable income | Rate |
0 - 1.2 million | Not taxed |
1.2 - 1.7 million | 6% |
1.7 - 2.2 million | 12% |
2.2 - 2.7 million | 18% |
2.7 - 3.2 million | 24% |
3.2 - 3.7 million | 30% |
+ 3.7 million | 36% |