විදේශ ගමන් තහනමක් එක්ක නිශාන්ත වික්‍රමසිංහට ඇප
                                    
                    SriLankan Airlines
                
                                                
                    Sri Lanka Magistrate Court
                
                                                
                    Law and Order
                
                                                
                    Sinhala news
                
                                                
                    Breaking News
                
                        
        
            
                
                By Kaushi
            
            
                
                
            
        
    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින්.
ඒ අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර ඇත.
එසේම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර ඇති බව සඳහන්.
 
                 
                 
                                             
        
     
     
     
     
    