19 හැවිරිදි තරුණියක් තරුණයන් දෙදෙනෙක් විසින් බලෙන් උස්සගෙන ගිහින් කරපු වැඩේ මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka Accident
By Aruna Mar 15, 2023 06:29 AM GMT
Report

වයස අවුරුදු 19ක තරුණියක් යතුරු පැදියක නංවාගෙන රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගර සීමාවේ පදිංචි 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බවයි පොලිසිය කියා සිටියා.

තරුණිය කුඩා කල පියා මියයාමෙන් අනතුරුව මව වෙනත් විවාහයක් සිදු කර ගෙන ඇති බවත් දිනක් මවගේ පහර කෑමට ලක්ව ශ්‍රවණාබාධයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඉන් අනතුරුව ළමා නිවාසයකට ඇතුළත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරුව වයස 18 සම්පූර්ණ වීමෙන් පසු බදුල්ල ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ, කුලී නිවසක සිට කෑම කඩයක සේවය කරමින් සිටින අතර වාරයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමා යතුරු පැදියේ නංවාගෙන රැගෙන ගොස් බලහත් කාරයෙන් දූෂණයට ලක් කළ බව එම තරුණිය සිදු කළ ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ පෑ තරුණිය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත ළමා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.