ආදරය කරන තරුණ තරුණයින්ට අතිශය වැදගත් දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්..
දේවාලේගම පොලිස් වසමේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි යුවළක් දෙස හුළං කවුළුවකින් බලා සිටි ලැගුම්පොළේ කළමනාකාරවරයාට තරුණයකු පසුගිය 20 දා පෙරවරුවේ උදලු මිටකින් පහරදීමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දේවාලේගම පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.
පොලිසිය කියා සිටින්නේ, මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල, රංවල ප්‍රදේශයේ පදිංචිව සිටින දේවාලේගම පොලිස් වසමේ පිහිටි ලැගුම්හලක හිමිකරුවෙකු වන 49 හැවිරිදි විවාහක කළමනාකාරවරයකු බවයි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කළමනාකාරවරයාට දේවාලේගම පොලිස් වසමේ ලැගුම්හලක් ඇති බවත් එහි කාමර ගණනාවක් ඇති බවත් පොලිසිය වැඩි දුරටත් කියා සිටියා.
මෙම ලැගුම්හලට ඉකුත් දා(20) පෙරවරුවේ වසර හතක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන 26 හැවිරිදි තරුණයෙකු හා 23 හැවිරිදි තරුණියක පැමිණ තිබෙනවා.
තරුණයා හා තරුණිය කළමනාකාරවරයාට මුදල් ගෙවා කාමරක් ගෙන ඇතුළතට ගොස් ඇති බවත්, කළමනාකාරවරයා පැයකට පමණ පසුව කාමරයේ පිටතින් ඇති හුළං කවුළුව අසලට ගොස් සිමෙන්ති ගඩොල් කැට දෙකක් තබා කවුළුවෙන් කාමරය දෙස බලා ඇත.
එම අවස්ථාවේ දී කාමරයේ සිටි තරුණයා කවුළුවෙන් කවුරු හරි බලනවා යැයි පවසා තුවායක් හැඳ එළියට පැමිණෙන අවස්ථාවේ දී යමෙක් දිවයන අයුරු දැක ඉහළ මාලයේ සිටි සේවකයෙකුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සිදුකළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ, සේවකයා විසින් කළමණාකාරවරයාට පැමිණෙන ලෙස දන්වා සිටිය ද ඔහු පැමිණ නැති බවයි.
සිද්ධිය වූ අවස්ථාවේ දී ලැගුම්හලේ තරුණ යුවල් තුනක් සිට ඇති අතර, කළමණාකාරවරයා හුළං කවුළුවෙන් කාමරය දෙස බලන අයුරු හා කාමර වටේ ගමන් කරන අයුරු ලැගුම්හලේ සවි කර ඇති සී. සී. ටී. වී. කැමරාවල දර්ශනවල පටි ගත වී ඇති බවත් පසුව අනාවරණය වී ඇත.
දේවාලේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගන රණසිංහ මහතාගේ උපදෙස් පරිදි නිලධාරීහු මීට අදාල විමර්ශන සිදු කරයි.